2025 දී නාමල් නායකත්වයට ගෙන ඒම සඳහා කටයුතු කරන හිටපු ජනපතිවරයා මේ මොහොතේ උත්සහ කරන්නේ ශ්රීලනිපය විනාශ කර දමා තමන්ගේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට බව සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා ඊයේ (16දා) මහනුවරදී පැවැසීය.
එහිදී අදහස් දැක්වු අමත්‍යවරයා මෙසේද කීය.
“ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම් එකතු කරන්න කළ සාකච්ඡා අසාර්ථක කළේ මහින්ද, නාමල් හා බැසිල් රාජපක්ෂයි. ඒ ඔවුන්ගේ පෞද්ගලික ඉලක්ක මුදුන් පමුණුව කර ගැනීම පිණිස දියත් කළ වැඩපිළිවෙළවල් නිසා.
ඒ හින්ද තමයි අද ශ්‍රීලංකා පොදුජන පෙරමුණ කෙරෙහි කලකිරුණු පිරිස් ශ්රීලනිපය හා එක් වෙමින් සිටන්නෙ ශ්‍රීලංකා නිදහස් පක්ෂය පරාජය වීම තුළින් තමන්ගේ ආරක්ෂාව තහවුරු වන බව බැසිල් රාජපක්ෂ සිතා සිටින්නෙ. මේ නිසා තමා ඔහුත් පක්ෂය එකමුතු වෙනවාට විරුද්ධ වුණේ.”