දෙහිවල ඉදිකර ඇති බව කියන මන්දිරයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.
එමෙන්ම ගම්පහ ඔරුතොට මිලදී ගත් ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට රාජපක්ෂ පදනමේ විලී ගමගේ සහ ආරියතිලක යන මහත්වරුන්ද මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ප්‍රකාශයක් ලබාගනිමින් සිටියි.
එමෙන්ම විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන මුසම්මිල් මහතාද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවා තිබේ.