නාමයෝජනාවෙන් පසු මේ දක්වා මාතලේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 28ක්
මාතලේ දිස්ත්‍රික්කය තුළ නාමයෝජනා බාරදීමෙන් අනතුරුව ඊයේ (28දා) දිනය වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 28ක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය පවසයි.
ඒ අතර පොත්පත්, පොල්පැළ, කුකුළු පැටවුන්, ගෑස් සිලින්ඩර, නිවාස ආධාර ආදිය ප්රදානය කිරීම් පිළිබඳ හා පෝස්ටර් ඇලවීම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් අලුවිහාරේ හා රෝහිණී කවිරත්න, පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් මැතිවරණ කාර්යාලය වෙත පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
එම සිද්ධි පිළිබඳ අදාළ පොලිස් ස්ථාන දැනුවත් කර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කිරීමට ගිය භාණ්ඩ බෙදාදීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගත් බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා සඳහන් කළේය.
මාතලේ - රවීන්ද්‍ර විරාජ් අබයසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
