ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේ දී දුෂිතයින්ට, අපරාධකරුවන්ට, ස්ත්‍රී දුෂිකයින්ට නාම යෝජනා ලබා දෙන්නේ නම් එහි සෘජු වගකීම ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් බාර ගත යුතු යැයි කැෆේ සංවිධානය අවධාරණය කරයි.
කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වලින් දුෂිතයින් පාර්ලිමේන්තුවට පත් නොකරන බවට මෛත්‍රී - රනිල් දෙපළ පසුගිය මාස මාස 9 පුරා නැවත නැවත ප්‍රකාශ කළ බවයි.
" මේ වනවිට නාම යොජනා සම්බන්ධයෙන් සිදුවන මුලික සාකච්ඡාවල දී විවිධ අපරාධවලට සමබන්ධ පුද්ගලයින්ට, දුෂණ චෝදනා සහිත පුද්ගලයින්ට නාම යොජනා ලබාදීම සඳහා විවිධ උත්සහයන් පවතින බව පෙනෙන්ට තිබෙනවා. අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් මේ පුද්ගලයින්ට නාම යොජනා නොලැබෙනවා නම් මේ ප්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂවලට ඉතාම සුපිරිසිදු චරිත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නට හැකියාව තිබෙනවා.
අපි දැඩිව අවධාරණය කරනවා අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් මේ රටේ පසුගිය මාස අටක කාලය තුළ නැවත නැවත ප්‍රකාශයට පත්කළ ආකාරයට නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නට දුෂිතයින් වංචාකාරයින් අපරාධකරුවන් හිරගෙවල්වල හිටපු පුද්ගලයෝ ඇප ලබා ඉන්න පුද්ගලයෝ රිමාන්ඩ් ගත වෙලා හිටපු පුද්ගලයෝ මුල්‍ය අපරාධ වලට සෘජුව සම්බන්ධ වෙලා චෝදනා ලැබුවන්ට නාම යොජනා නොලැබෙන බව.
පිරිසිදු අපේක්ෂකයන්ට පමණක් නාම යෝජනා ලබා දෙන බව. දුෂණ,අපරාධ, මුල්‍ය අපරාධ සිදු කළ පුද්ගලයින්ට මේ ප්‍රධාන දේශපාලන පක්ෂදෙකෙන් නාම යොජනා ලැබෙනවා නම් එහි වගකීම මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් පුද්ගලිකව දැරිය යුතුයි. එයින් පැන යන්නට ජනපතිටත් අගමැතිටත් හැකියාවක් නෑ. යම් විදිහකින් මේ නායකයින් ඔවුන්ගේ පොරොන්දු කඩකරමින් මේ දුෂිතයින්ට නාම යොජනා ලබාදුන්නොත් ඔවුන් පරාජය කිරීම මේ රටේ සෑම ඡන්දදායකයෙකුගේම වගකීමක් වෙනවා "