නාම යෝජනා වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක්
ජනපතිවරණය වෙනුවෙන් හෙට (08දා) නාම යෝජනා බාරදෙන හෙයින් රාජගිරිය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව හෙට පෙ.ව. 9.00 සිට සවස 2.00 දක්වා රාජගිරිය, ආයුර්වේද වට රවුම, වැලිකඩ හංදිය, පාර්ලිමේන්තු පාර හා කොටාපාර කේන්ද්‍ර කරගනිමින් මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වෙයි.
පෙ.ව. 10.30 සිට 1.30 දක්වා වැලිකඩ හංදිය, ආයුර්වේද වටරවුම, පාර්ලිමේන්තු පාර හා කොටා පාර සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනට වසා දැමේ.
එසේම පෙ.ව. 9.00 සිට පස්වරු 1.30 දක්වා මගී ප්‍රවාහන බස්රථවලට හා සැහැල්ලු වාහන වලට පමණක් එම ප්‍රදේශය විවෘත වේ.
එසේම ඉහත මාර්ගවල වාහන ගමනාගමනය සිදුවන්නේත් එක් දිශාවකට පමණි.
විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය සඳහන් කරයි.
මේ අතර මැතිවරණ මහ ලේකම් කාර්යාල ආසන්නයේ විශේෂ ආරක්ෂක වැඩ සටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව පොලිස් නිලධාරීන් 2000කට ආසන්න පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදාවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

