එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ආයතන 248ක් සඳහා කැඳ වූ නාමයෝජනා අතරින් නාමයෝජනා පත්ර 29ක් ප්රතික්ෂේප වී ඇත. නාමයෝජනා භාර ගැනීම අද (21දා) දහවල් 12.00 ට අවසන් විය. මෙසේ ප්රතික්ෂේප වූ නාමයෝජනා අතර ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා 05 ක් ප්රතික්ෂේප වී තිබෙන අතර, මේ අනුව අදියර දෙකේදීම එම පක්ෂයේ නාම යෝජනා පත්ර 11 ක් ප්රතික්ෂේප වී ඇත. දෙවැනි අදියරේදී පොදුවේ පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් හා ස්වාධීන කණ්ඩායම් 09 ක් ඉදිරිපත් කළ නාමයෝජනා ප්රතික්ෂේප වී තිබේ.