මහනුවර ළමා නිවාසයක සේවය කරන පරිවාස නිලධාරිනියක පදිංචි මහල් නිවසේ නාන කාමරය දෙසට එහි ඉහළ මාලයේ පදිංචිකරුවන් විසින් සී.සී.ටී.වී. කැමරා එල්ල කරමින් එහි දර්ශන නරඹන බවට කඩුගන්නාව පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂන අරඹා ඇතැයි කඩුගන්නාව පොලීසිය පවසයි.
නාන කාමරය හා වැසිකිළිය නිවසට පිටතින් ඇති බවත්, ඉහළ මාලයේ ව්‍යාපාරික ස්ථානයක කලකදී සිදු වූ සොරකමක් නිසා සී.සී.ටී.වී.කැමරා සවිකර ඇති බව එහි හිමිකරුවන් පැවසූ නමුත් එක් කැමරාවක් පමණක් ඉහළ මාලයේ සිට නාන කාමරය දෙසට හරවා තිබූ බවත් පොලීසිය කියයි.
සී.සී.ටී.වී. කැමරා හානියකින් තොරව ගලවා ඒවායේ ඇති දර්ශන සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට යැවීමට කටයුතු කර ඇති බවදකඩුගන්නාව පොලීසිය පැවසීය.