සහල් මිල පාලනය කිරීමට සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබේ. මේ යටතේ මුලින්ම නාඩු වර්ගයේ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර ඇති අතර එම වර්ගයේ සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 74ක් ලෙස ගැසට් කිරීමට නියමිතය.
අවශ්‍යතාවන් අනුව අනෙකුත් සහල් වර්ග සඳහාත් උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට රජය සැලසුම් කර තිබේ.
ජීවන වියදම පිළිබඳ කැබිනට් අනුකමිටු රැස්වීමේදී අදාළ යෝජනාව රජය ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මේ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අදාළ උපරිම සිල්ලර මිල ගැසට් කිරීමට නියමිතය.