නාගවිහාරාධිපතිගේ ආදාහන පූජෝත්සවයට එරෙහිව ඉල්ලූ තහනම් නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි
යාපනය නාග විහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මීගහජඳුරේ ඥානරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය යාපනය මුත්තවේලි ක්‍රීඩාංගණයේ නොපවත්ව ලෙසට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනු කොට තිබූ පෙතසමක් ඊයේ (22දා) යාපනය මහේසත්රාත් එස්. සදීස්කරන් මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇත.
යාපනය දෙමළ ජනතා සංස්කෘතික සංසදයේ සභාපති එස්. නිශාන්තන් හා දෙමළ ජාතික ජනතා පෙරමුණෙ යාපනය සංවිධායක වී. මණිමුකන් යන අය විසින් අදාළ පෙත්සම ගොනු කොට තිබුණි.
එහි සඳහන් කොට තිබුණේ මුත්තවේලී ක්‍රීඩාංගනයේ මීට පෙර දෙමළ ජනනතාවගේ අවසන් කටයුතු සිදු කළ තැනක් බවත් මේ වන විට එම ස්ථානයේ කෝවිලක් ඇති හෙයින් එම ක්රීඩාංගෙණයේ නාගවිහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය නොපැවත්වීමට අධිකරණ නියෝගයක් ලබා දෙන ලෙසයි.
නමුත් යාපනය මහෙස්ත්‍රාත් එස් .සදීස්කරන් මහතා විසින් අදාළ භූමිය පිළිබඳ පුරා විද්‍යා වාර්තාවක්ද කඳවා එම භූමිය කිසිවෙකුටත් අයිති නැති රජයේ ඉඩමක් බැවින් එවැනි උත්සවයක් සිදු කිරීමට කිසිදු බාධාවක් නැත බව පවසමින් අදාළ පෙත්සම නිශ්ප්‍රභා කිරීමට පියවර ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.







