මෙම වර්ෂය අවසාන වනවිට කොළඹ නගරයේ පැල්පත්වාසී ජනතාවට නිවාස 5009 ක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති උපදේශක වීරසේන අධිකාරි මහතා පැවසීය.
දෙසැම්බර් මාසය තුළ එලෙස ඉදිකරන ලද නිවාස සංකීර්ණ කිහිපයක් ජනතා අයිතියට පවරන බවත්, 2020 වනවිට සියලු පැල්පත්වාසීන්ට නිවාස ලබාදෙන බවත් හෙතෙම පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අද (26දා) පැවැති මාධ්‍ය හමුවකදීය.