ගෙවතු වගා ප්‍රවර්ධනය කිරීමේ ඉලක්කය සහිතව මිරිස් පැළ බෙදාදීමේ විශේෂ ව්‍යාපෘතිය හෙට (19දා) කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව මහවත්ත, ඇල්විටිගල, මැනිං ටවුන්, ඇන්ඩර්සන්, ටොරිංටන් යන නිවාස සංකීර්ණවල ජීවත්වන නාගරික ජනතාව ඉලක්ක කර ගනිමින්2016 – 2018 ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ වේ.
මෙම වැඩසටහන යටතේ ගෙවතු වගාවන් සඳහා අවශ්‍ය පැළ වර්ගවලට අමතරව පොහොර මෙන්ම තාක්ෂණික උපදෙස් හා සහායද ඉදිරියේදී ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඇතුළු සියලු ආයතන සූදානමින් සිටියි.