නෂීඩ් ශ්‍රී ලංකාවේ සිටියත් පහසුකම් ලබාදීමක් නෑලු
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, එරට අභ්‍යන්තර දේශපාලන සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියත් ඔහුට විශේෂ පහසුකමක් සපයා නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත.
බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණය ලබා සිටින හිටපු ජනාධිපතිවරයා මාලදිවයින් විරුද්ධ පක්ෂ සන්ධානයේ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පැවසෙයි.
ඔහු හිටපු ජනාධිපතිවරයෙකු වූ නිසා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ පහසුකම් සැලසීම හැරෙන්නට, ඔහු වෙත වෙනත් කිසිදු අනුග්‍රහයක් ලබා නොදුන් බවද විදේශ අමාත්‍යාංශය බී.බී.සී.ය වෙත පවසා තිබේ.
එමෙන්ම, හිටපු ජනාධිපතිවරයාට විශේෂ ආරක්ෂාව ඇතුළු පහසුකම් සලසන මෙන් කෙරුණු ඉල්ලීමක් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත්, නෂීඩ්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් මෙතෙක් මාලදිවයින කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. කෙසේ වෙතත්, නෂීඩ්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම, චීනයද දැඩි උනන්දුවකින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
මාලදිවයින තුළ බන්ධනාගාරගතව සිටියදී, ඔහුට විදෙස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් අවශ්‍ය අවසර ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු මැදිහත් වූ බවත් බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

