රුසියාව විසින් ශ්‍රී ලංකා තේ තහනම් කිරීම සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සංචාරයට පෙර නිලධාරී කණ්ඩායමක් රුසියාවට යැවීම සඳහා අද(18දා) තීන්දු කර තිබේ.
අමාත්‍ය නවින් දිසානායක මහතා සමග තේ මණ්ඩලය,තේ අපනයනයකරුවන් සහ තේ පර්යේෂණ ආයතනය අද පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව බොහෝ විට මෙම සතියේ බදාදා දිනයෙන් පසු මෙම නිලධාරී කණ්ඩායම රුසියාව බලා පිටත්වනු ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.