අයපහත් කාලගුණය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුපියල් මිලියන 30.8ක් වටිනා ආධාර ලබාදීමට නවසීලන්ත රජය කටයුතු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධානය හරහා මෙම ආධාර විපතට පත් ජනතාව මෙත ලබාදීමට නියමිතය.
නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය ගැරී බ්රවුන්ලි ප්‍රකාශ කරන්නේ ඉදිරියටත් ශ්‍රී ලංකවේ තත්ත්වය අවධානය යොමුකර ආධාර ලබාදීමට කුටයතු කරන බවයි.