නවසීලන්තයේ හෝටල් ක්ෂේත්රයේ රැකියා ලබා දෙන බව පවසා ව්යාපාරික වෙබ් අඩවියක දැන්වීම් පළ කල පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ, පදිංචි කාංචන ඉරංග රූපසිංහ නම් සැකකරු උපාය දූතයෙකු මාර්ගයෙන් අත්අඩංගුවට ගෙන ඇත. යුරෝපීය රටවලට හා සිංගප්පූරුව වැනි ආසියානු රටවලටද හෝටල් ක්ෂේත්රයේ රැකියා සඳහා පිරිස් යොමුකිරීමටද සැකකරු කටයුතු කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමේදී නිවසේ තිබී ගුවන් ගමන් බලපත්ර 26ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද (06 දා) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අතර, 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරිණි.