ශ්රී ලංකාව තුළ නවසීලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයක් ආරම්භ කිරීමට නවසීලන්ත රජය තීරණය කර ඇතැයි නවසීලන්තයේ විදේශ කටයුතු ආමාත්ය මරේ මැක්කලී සඳහන් කරයි.
අද (24දා) විදේශ කටයුතු අමාත්යවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ ශ්රී ලංකාව හා නවසීලන්තය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් කොළඹදී විවෘත කිරිමට සූදානම් බවයි.
යුද්ධයෙනක් පසුව නැවත නැගි සිටින ශ්රී ලංකාවට අවශ්ය සහයෝගය දේශපාලනික හා ආර්ථික වශයෙන් ලබාදීමට නවසීලන්තය මෙම තීරණය ගත් බවද අමාත්යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මහ කොමසාරිස් කාර්යාලය ඉදිකිරීමට ප්රාග්ධන වියදම් ලෙස ඩොලර් මිලියන 6.2ක් හා මෙහෙයුම් පිරිවැය ලෙස ඩොලර් මිලියන 8.9ක් නවසීලන්තය මෙවර අයවැයෙන් වෙන් කර තිබේ.