පිටුවහල් කිරීමට නියෝග කර තිබූ නවසීලන්තයේ සිටි ශ්‍රී ලාංකික පවුලට තවත් වසරක කාලයක් එහි වෙසෙන්නට අවසර ලැබී තිබේ. නවසීලන්තයේ ශ්‍රී ලාංකික පවුලක් පිටුවහල් කිරීමට විරුද්ධව ඔවුන්ගේ සහායට ක්වීන්ස්ටවුන් ප්‍රජාව ඉදිරිපත් වීමේ සිද්ධියත් සමග මෙම කාරණාවට ඉහළ ප්‍රසිද්ධියක් ලැබිනි.
දිනේෂා අමරසිංහත් සෑම් විජේසිංහත් ඔවුන්ගේ පුතුන් තිදෙනාත් ඇතුළු පවුලේ සහයට කැපවූ පාර්ලිමේන්තු මන්ත්‍රී හමීෂ් වෝකර් පවසන පරිදි ආගමන සහ ආරක්ෂණ විනිශ්චය සභාව මෙම පවුලට මානුෂීය හේතුමත තවත් වසරක කාලයක් නවසීලන්තයේ වෙසෙන්නට අවසර ලබා දී ඇති අතර ඒ කාලය තුළ ඔවුන්ගේ නේවාසික අයදුම්පත තක්සේරුගත වනු ඇත.
මෙම සිදුවීමට මෙම පවුල මුහුණ දෙන්නේ දිනේෂ අමරසිංහ මහත්මිය රැකියාව මත පදනම්ව ලත් වීසා අලුත් කිරීමේදී, ඇයගේ සෞඛ්‍ය හේතුමත ප්‍රතික්ෂේප වීමත් සමග 2013 වසරේ නිකුත් කළ වීසා රඳවාගැනීම හේතුවෙනි. කෙසේවුවත් මේ හේතුවෙන් එම පවුල පිටුවහල් කිරීමට එරෙහිව පසුගිය නොවැම්බරයේදී නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් ප්‍රජාව 400ක් පමණ මහමගට බැස උද්ඝෝෂණයක නිරත විය.