කඩුවෙල - කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙලට පිවිසෙන ස්ථානයේ පාලම මේ වන විට ගිලා බැසීමේ අවධානමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවන කටයුතු නවතා දමා ඇතැයි පොලීසිය පවසයි. මේ අතර කදානේදී ජා ඇල දෙස සිට කොළඹ දෙසට ධානය වූ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළීමෙන් කදාන නගරය ආශ්රිතව දැඩි වාහන තදබදයක් නිර්මාණය වී ඇතැයි පොලීසිය පවසයි.