ඉදිරි වසර තුල නව වී ගබඩා 200 ක් හා මහා පරිමාණ වී මොල් 4 ක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
ඒ අනුව කිලිනොච්චිය, කුරුණෑගල, පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල මෙම ඉදිකිරීම් සැලසුම් කර ඇති බවත් මෙයට අමතරව රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවීමට හැකිවීම තුළ පිට රටින් සහල් ආනයනය සම්පුර්ණයෙන් නතර කරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කීය.
අම්පාර කොහොඹාන,පාලම් කදවුර ප්‍රදේශවල වී මිළ දී ගැනිම නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය.