සංවර්ධන කාර්යභාර අමාත්‍ය තිලක් මාරපන මහතා නව විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානයක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගින් විදේශ කටයුතු අමාත්‍යධුරය හිස්ව ඇත. ඔහු දැනට සිටි සංවර්ධන කාර්යභාර අමාත්‍යාංශයට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය හිමිවෙනු ඇත.
තිලක් මාරපන මහතා ජනාධිපති නීතිඥවරයෙකු වන අතරම ඔහු නීතිපති වශයෙන්ද කටයුතු කර තිබේ. මීට ඉහතදී ඔහු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඇවන්ට්ගාඩ් නඩුව හේතුවෙන් ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය. කෙසේ වෙතත් පසුගිය කැබිනට් සංශෝධනයේදී ඔහු සංවර්ධන කාර්යභාර අමාත්‍යවරයා ලෙස නැවත පත්වීම් ලැබීය.