නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ වැඩපිළිවෙළ පිළිබඳ ඇතැමුන් දේශපාලන වාසී ලබාගැනීම සඳහා සිදු කරන ප්‍රකාශ නිසා ජනතාවගේ මනස අවුල් සහගත තත්ත්වයකට පැමිණ තිබීම කනගාටුවට කරුණක් බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ මණ්ඩලයේ සභාපති නීතිඥ ලාල් විජේනායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, ඊයේ (16දා) මාතලේදී පැවැති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා මාතලේ දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විජේනායක මහතා,
“සමහරු කියනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරලා රහසේ හදලා ඉවරයි ඒක හැදුවේ ඇමෙරිකාවේ කියලා. අපි කියනවා තවම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක වගන්තියක්වත් හදලා නෑ කියලා. එය හදන්න තමයි තවමත් මේ අදහස් ලබාගන්නේ. සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 72 ව්‍යවස්ථාව 78 ව්‍යවස්ථාව හදලා ඉවරවුණාම තමයි ජනතාව ඒ ගැන දන්නේ.
විශේෂයෙන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිඳු ජනතා මතයකට ඉඩනොදී හදපු ඒකාධිපති ව්‍යස්ථාවක්. ඒ නිසා මෙම ව්‍යවස්ථාව විශාල ජනතා විරෝධයක් තිබුණා මෙය වහාම වෙනස් කරන්න කියලා.
නමුත් එය වෙනස් කරනවා කියලා බලයට ආපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දෙවරක්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා කීවත් එය ඉටු කළේ නෑ. ඉන්පසුව බලයට ආ මහින්ද රාජපක්ෂ මහතාත් ඉටුකළේ නෑ. 18 ව්‍යවස්ථා සංශෝධනය තුළින් තිබු බලතලවලට අමතරව තවත් බලතල එකතු කරගත්තා.
ඒ හේතුව මත 2015 ජනවාරි 08 වැනිදා ජනතාව ඉල්ලු වෙනස රටතුළ ප්රජාතන්ත්රවාදය ඇති කිරීමේ හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එමයි. ඒ සඳහා අද වනවිට විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා ලබාගෙන අප රටට ගැළපෙන ප්රජාතන්ත්රවාදය තහවුරු වන සියලු දෙනාට එකඟවිය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා යෝජනා ලබා ගන්නාවා. ඒ සඳහා රටේ සියලු දෙනාගේ අදහස් සහයෝගය අවශයයි" යනුවෙන් සඳහන් කර සිටියේය.
මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.පී සයිෆ්, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ.එන්. දිසානායක මහත්ම මහත්මීන් සහභාගිවූ අතර, මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගිවූහ.
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි