නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් බුද්ධාගමට ලබා දී තිබෙන ප්‍රමුඛත්වය හා බුද්ධාගම විනාශ කරන බවට අන්තවාදී කණ්ඩායම් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
නව ව්‍යවස්ථාව තුළින් එවැනි කිසිවක් සිදු නොවන බවත්, තම ආගම ඇදහීමට නිසි අවස්ථාවක් ලබාදෙන ලෙස සෑම කෙනෙකුමඉල්ලා සිටින අතර, මහනායක හිමිවරුන් පවසන්නේද එයම බවත් ඔහු පවසා සිටියේය.
තමිල් මිරර් පුවත්පතේ කර්තෘ මදන් මහතා විසින් රචිත කතුවැකි එකතුව ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගිවෙමින් මේ බව කී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේනව ව්‍යවස්ථාවක් තුළින් බුද්ධාගම විනාශ කරන බව පවසන පිරිසට අවශ්‍ය වී ඇත්තේ ජාතිවාදිය, ආගම්වාදය වපුරා බලය ලබාගැනීමට බවයි.
එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ රටේ ඒකීය රාමුවට කිසිදු හානියක් සිදු නොකරන බවත්, සෑම විටම ආණ්ඩුව කටයුතු කරන්නේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ කණ්ඩායම් මුහුණපා සිටින ගැටලු විසඳීමට බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව තවත් කණ්ඩායමක් හමුදාව බිල්ලට ලබාදෙන බවට ප්‍රකාශ කරමින් සිටින බවත්, එහෙත් කිසි විටෙකත් හමුදවට එවැනි තත්ත්වයක් ඇති නොකරන බවත් ඔහු පවසා සිටියේය.
වර්තමාන ආණ්ඩුව සෑමවිටම උත්සාහ කරමින් සිටින්නේ හමුදාව ආරක්ෂා කරමින් තිබෙන ප්‍රශ්න දෙස ගැඹුරින් බලා සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීමට බවද හෙතෙම සඳහන් කළේය.