නොවැම්බර් මාසයේ පැවැත්වෙන අයවැයට පෙර ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. යාපනය පේදුරු තුඩුවේ ඊයේ (28දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාව වෙනුනේ නව ව්‍යස්ථාවක් හඳුන්වාදීමේදී ආගමික වශයෙන් පවතින විවිධත්වය සළකා බැලිය යුතු බවද ඔහු පවසා තිබේ. ප්රජාතන්ත්රවාදය, සමඟි සන්ධානය හා සංවර්ධනය යන අංශ තුන මූලික කර ගනිමින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සකස්කරන බවද ඇමතිවරයා පවසා ඇත.