ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට කටයුතු කරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව සඳහන් කරයි.
ශ්‍රී ලාංකියන්ගෙන් අදහස් වීමසීම යටතේ විවිධ සංවිධාන නියෝජනය කරමින් හා පෞද්ගලික වශයෙන් මේ වනවිට අදහස් හා යෝජනා 2000 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙන බව එම කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතා සඳහන් කළේය.
ජනතා අදහස් ලබාගැනීම මාර්තු මාසය පුරා සිදුකරන බවත්, ඉන් පසුව ජනතා අදහස් එකතු කර අප්‍රේල් මාසය අවසන් වීමට පෙර රජයට අදාළ වාර්තාව භාරදෙන බවද ඔහු පවසා සිටියේය.