වත්මන් රජය විසින් හඳුන්වාදීමට යෝජිත නව ජනරජ ව්‍යවස්ථාව මෙරටේ සියලු පුරවැසියන්ට සමාන අවස්ථා සැලසෙන සාමකාමී වාතාවරණයක් ඇතිකරන්නක් වනු ඇතැයි අපේක්ෂා කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හා පාර්ලිමේන් එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කෙළේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසූ සුමන්දිරන් මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සමස්ත ජනතාවටම සමාන අයීතීන් ලැබෙන සේ මැතිවරණ ක්රමයේ වෙනසක් ඇති විය යුතු බවද අවධාරණය කෙළේය.
රටේ මෙතෙක් පැවැති සම්ප්‍රදායන් වෙනස් කරමින් දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ක්‍රියාකාරීව සහභාගීවීමත්, ඉතිහාසයේ මුල් වතාවට මෙරටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සමගිව මෙම කාර්යයට උරදීමෙන් දිගුකලක් තිස්සේ පැවැති ජනතා අපේක්ෂාවන් එම උත්සාහයේ දී සාර්ථක වන බවට කිසිදු සැකයක් නැතැයි ද සුමන්දිරන් මහතා කීය.
උතුරු නැඟෙනහිර ජීවත් වන ජනතාවට සිදු වී ඇති අසාධාරණකම් තුරන් කිරීම සඳහා තම සන්ධානයට බලය ලබා දෙන ලෙස 2010 වසරේ සිට එම ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, පසුගිය අගෝස්තු මාසයේ පැවැති මැතිවරණයේ දී එම බලය ජනමත විචාරණයක් ලෙස ලබාදෙන ලෙස කළ ඉල්ලීමට පිළිතුරක් වශයෙන් ජනතාව අඛණ්ඩ සුවිශේෂ බලයක් ලබාදුන් බව කී ඒ මහතා, රටේ අනෙක් ප්‍රදේශවල ඇති බහුතර බලය උපයෝගී කරගෙන දෙමළ ජනතාවගේ අපේක්ෂා යටපත් නොකළ යුතු බවද පැවැසීය.
යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය එකඟත්වය පළ කර තිබියදී ඊය පටහැනිව ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර ඇති බවත්, එය තම පක්ෂය පිළි නොගන්නා බවත් සුමන්දිරන් මහතා පැවසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා අනෙකුත් පක්ෂ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව කී ඒ මහතා, දෙමළ ජාතික සන්ධානයේ මතය එකක් බැවින් එය සිය මැතිවරණ ප්‍රකාශයෙන් පැවැදිළි කර ඇතැයි ද කීය.
දෙමළ ජනතාවගේඅපේක්ෂාවන් වන්නේ ඒකීය රාජ්‍යයක් බිහිවීම බවද එම ඓතිහාසික කටයුත්ත මෙවර ඉටුවනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.