ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කොළඹ දිස්ත්‍රික් සැසිවාරය ලබන 18 වන දින සිට 22 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමය නියමිතව තිබේ.
කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි විසුම්පායේදී අදාළ අදහස් විමසීම් සිදු කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව සඳහන් කර තිබේ.
උදෑසන 09.30 සිට පස්වරු 04.30 දක්වා මහජන අදහස් ලබාදිමට හැකියාව පවතින බව ද එම කමිටුව සඳහන් කරයි.
මෙම මහජන අදහස් විමසීමේ සැසිවාරය සඳහා එක්වන ලෙස එම කමිටුව සියලුම මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.