නව ව්‍යවස්ථාව සඳහා ජනතා අදහස් ලබාගැනීම මේ මස 18 වැනි දින සිට ආරම්භ කරන බව නව ව්‍යවස්ථාවට ජනතා අදහස් ලබාගැනීම සඳහා පත්කළ කමිටුව සඳහන් කරයි.
මාර්තු 31 වැනි දින දක්වා තම කමිටුව විසින් ලංකාව පුරා ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන ආකාරයට ජනතා අදහස් ලබාගන්නා බවත්, ඉන් පසුව ජනතා අදහස් මත වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට අප්‍රේල් මාසයේදී භාරදෙන බවත් එම කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතා සඳහන් කළේය.