ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී දේශපාලන පක්ෂ ඇතුලූ සියලූ පාර්ශවයන්ගේ අදහස් යෝජනා සැළකිල්ලට ගනු ලබන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන හෙතෙම පැවසුයේ මේසදහා පක්ෂ විපක්ෂ මෙන්ම සිවිලි සමාජයෙන්ද තොරතුරු අදහස් ලබාගන්නා බවය.
මේනවිට අගමැතිවරයා සමග එජාපය සහ ශ්‍රීලනිප නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මගින් පත්කරනු ලබන අනු කමිටු මගින් අනිකුත් පක්ෂ සමගද සාකච්ඡාකිරීමට නියමිතය.