රටට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාසම්පාදක මණ්ඩලයක් බවට පත්කිරීමේ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු මොහොතනට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළේය.
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුත්තට විදේශිය උපදේශකවරුන් නොගෙන්වන බවත් සියලුදෙනාගේ අදහස් ගෙන රටට ගැලපෙන නව ව්‍යවස්ථාව සකස්කිරීමට තමාට අවශ්‍ය බවද අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැවසිය.
පවතිව ව්‍යවස්ථාව අවස්ථා 19 දීම සංශෝධනය කර ඇති බැවින් මේවනවිට තවදුරටත් එය සංශෝධනය කිරීම සුදුසු නොවන බවත් ඒනිසාවෙන් ව්‍යවස්ථාව අලුතින් ලියන බවත් අගමැතිවරයා කීය. නව ව්‍යවස්ථාව සදහා විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංශෝධන ඉදිරිපත්කර ඇතිබවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
අගමැතිවරයා ඉදිරිපත්කළ යෝජනාව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථීරකලේය.