ADA
www.ada.lk
2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා
නව වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරල් ජේ.ආර් කුලතුංග මහතා ඉතා චාම් අයුරින් ආගමික වතාවත් සිදුකරමින් චාරිත්‍රානුකූලව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී ඊයේ (07දා) වැඩබාරගැනීම සිදුවිය.
1984 මාර්තු 05 වැනිදා කැඩට් නිලධාරී පාඨමාලා අංක 19 යටතේ පළමුව පුහුණුව ලබා පසුව 1985 දෙසැම්බර් මස දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් යුද හමුදා පාබළ රෙජිමේන්තුවට එකතු විය.
වන්නි ආඥාපතිවරයා වශයෙන් වැඩබාර ගැනීමට පෙර 552 බලසේනාධිපති, යාපනය නගර සේනා විධායක, 55 වැනි සේනංකාධිපති ,12 වැනි සේනංකාධිපති වශයෙන්ද ඔහු සේවය කළ අතර, වන්නි ආඥාපති වශයෙන් වැඩබාර ගැනීමට පෙර යුද හමුදාවේ ශ්‍රී ලංකා කොතලාවල ආරක්ෂක පීඨයේ උපකුලපති වශයෙන්ද සේවය කර ඇත.
නව වන්නි ආඥාපති තනතුරට අමතරව වත්මන් යුද හමුදා යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ අධිපති වශයෙන්ද මේජර් ජෙනරල් ජේ.ආර්. කුලතුංග මහතා සේවය කර තිබේ.
popular news
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd