හිටපු යුද හමුදාපති ජනරාල් ක්රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුරට උසස් කිරීමෙන් පසුව නව යුද හමුදාපති වශයෙන් මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා හෙට පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව ඔහු ලුතිනන් ජනරාල් ධුරයට උසස් කර මෙම පත්කිරීම සිදුකරනු ඇත. මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ වන විට යුද හමුදා මාණ්ඩලික ප්රධානී ලෙස කටයුතු කරයි.