නව මැතිවරණ ක්‍රමය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දරන මතය ජනතාවට පවසන ලෙස විපක්ෂ නායකවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
එක්සත් ජාතික පක්ෂය ජනතාවටත්, විපක්ෂයටත් ලබාදුන් පොරොන්දුවක් වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකොට, පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා යැයි පවසමින් හොර ගල් ඇහිදීමක් සිදුකරන බැවින් වහාම නව මැතිවරණ ක්‍රමය පිළිබඳව තම පක්ෂය දරන මතය ජනතාවට පවසන ලෙස විපක්ෂනායකවරයා නිවේදනයන් නිකුත්කරමින් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකර මැතිවරණයකට යෑමට උත්සාහ කිරීම ජනතාව රැවටීමකට ලක්කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභියෝගයට ලක්කිරීමක් බවද එම නිවේදනයේ සඳහන් වේ.
මහබැඳුම්කර නිදහස් කිරීමේ ප්‍රෝඩාව, දේශපාලන පළිගැනීම හා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනතා උදහසට ලක් වී ඇති එක්සත් ජාතික පක්ෂය දේශපාලන පක්ෂ කිහිපයක් උපයෝගී කර ගනිමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්වීමට විවිධ කුමන්ත්‍රණ දියත් කරන බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.
මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා සහ පාර්ලිමේන්තුවේ සභානායකවරයා සිදුකරන යම් යම් ප්‍රකාශවලින් පැහැදිලිවන බවත්, එය එසේ නොවනවා නම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් ප්‍රමාද නොකර සම්මත කර නව ක්‍රමයක් යටතේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද එම නිවේදනය මගින් ඉල්ලා සිටී.