නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම පිළිබද දේශපාලන පක්ෂ නායකයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක චමල් රාජපක්ෂ, විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් සහ සියලූ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායකයින් සහ ලේකම්වරුන් මීට එක්ව සිටියහ.
එමෙන්ම මැතිවරණ කොමසාරිස්, නීතිපති ඇතුථ නිලධාරිහුද සහභාගී වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
.jpg)