නව මහකොමාරිස්වරයෙක් හා තානාපතිවරු අක්තපත්ර භාර දෙති
- 10 03 2014
- 12:46
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකාව වෙනුවෙන් පත්කර ඇති නව මහ කොමසාරිස්වරයෙක් සහ නව තානාපතිවරු පස් දෙනෙක් අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය අක්තපත්ර පිළිගැන්වූහ.
ඔස්ටි්රයා නව තානාපති ලෙස බර්නාහාඞ් ව්රබේට්ස් මහතාද, ස්ලෝවීනියා නව තානාපතිනිය ලෙස දර්ජා බව්දාස් කුරෙට් මහත්මියද, පින්ලන්ත නව තානාපති ලෙස රාවුලි සුයිකානන් මහතාද, සුරිනෑම් නව තානාපතිනිය ලෙස ආශ්නා ඩබ්ලිව්.ආර්. කාන්හායි මහත්මියද, ඕමාන නව තානාපති ලෙස අල් ෂේක් ජුමා බින් හැම්ඩන් බින් හසන් අල් මලෙක් අල්-ෂෙහි මහතා සහ නයිජීරියා නව මහ කොමසාරිස් ලෙස එස්.යූ. අහමඞ් මහතා ද මෙසේ පත්කරනු ලැබ සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
