නාරම්මල දම්පැලැස්ස බුලත් පර්යේෂණාගාරය මගින් නාරම්මලී හා නාරම්රති නමින් නව බුලත් ප්‍රභේද දෙකක් සහ මාතලේ සිංහ නමින් නව පුවක් ප්‍රභේදයක් හඳුන්වා දී ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
ග්‍රෑම් 08 ක බරකින් යුත් නාරම්මලී බුලත් ප්‍රභේදයේ එක් කොළයක් සෙන්ටිමීටර් 25 ක පළලකින් හා සෙන්ටිමීටර් 19 ක දිගින් යුතු බවත්, 1.2%ක තෙල් ප්‍රතිශතයකින් යුත් මෙම ප්‍රභේදයේ ඉනි දහසක වගාවකින් වසරකදී බුලත් මිලියන 1.2 ක් අස්වනු ලෙස ලබාගත හැකි බවත් පැවසූ අමාත්‍යවරයා නාරම්මලී බුලත් කොළයක් සඳහා රුපියල් 4 ක ස්ථාවර මිලක් පවත්වාගෙන යා හැකි බවද සඳහන් කළේය.
සෙන්ටිමීටර් 26 ක පළලකින් හා සෙන්ටිමීටර් 17 ක දිගකින් යුත් නාරම්රති ප්‍රභේදයේ එක් කොළයක් ග්‍රෑම් 08 කින් යුක්ත වන බවත්, 1.1%ක තෙල් ප්‍රතිශතයක් ඇති මෙම ප්‍රභේදයේ ඉනි දහසක වගාවකින් වසරකට බුලත්කොළ මිලියන 1.1 ක අස්වැන්නක් ලබාගත හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
එකගෙඩියක වෙළෙඳ පොළ මිල රුපියල් 10 ත් 15 ත් අතර පවතින මාතලේ සිංහ පුවක් ප්‍රභේදය මගින් වසරකට ගෙඩි 2000 ක අස්වැන්නක් බලාපොරොත්තු වන බවත් මේ ප්රභේදමේ මස 17 වැනිදා හඳුන්වා දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.