ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පූජිත ජයසුන්දර, එස්.එම්.වික්‍රමසිංහ සහ චන්දන වික්‍රමරත්න යන තිදෙනාගෙන් මීළඟ පොලිස්පති ධුරයට පත්වන්නේ කවුද යන්න හෙට (18දා) තීරණය කිරීමට නියමිතව තිබේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස්පතිවරයාපත් කිරීමේ බලය ව්‍යවස්ථා සභාව සතුවී තිබෙන අතර, මේ අනුව මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාගේ නම් මේ වනවිට ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇත.
මෙම තිදෙනාගෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා මේ වනවිට වැඩබලන පොලිස්පතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි.