පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගෙන් පසුව නව පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්ගේ නම් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ව්‍යවස්ථා සභාවට යවා ඇති බව වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නම් මෙලෙස යවා තිබේ.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද(10) සිට සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමතය.