පුරාවිද්‍යා ස්ථානයන්ට හා රක්ෂිතවලට සිදුව ඇති හානි පිළිබඳව සොයා බලා තීරණයකට එළැඹීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට අවධානය යොමුකරන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් මෙවැනි තේරීම්කාරක සභාවක් පත්කර, නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව පැවසූ අවස්ථාවේදී කථානායකවරයා මේ බව පවසා සිටියේය.