රජයේ ප්රවෘත්ති දෙපාර්මේන්තුවේ නව ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය රංග කලංසූරිය මහතා අද (06දා) වැඩ භාර ගත්තේය.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඒ මහතා ඩෙන්මාර්කය මුලස්ථානය කරගත් ආසියා පැසිෆික් ජාත්‍යන්තර මාධ්‍ය පුහුණු ආයතනයේ කලාපීය උපදේශකයා වශයෙන්ද කටයුතු කළේය.
මලයාසියාව, පකිස්තානය ඇතුළු ආසියා පැසිෆික් රටවල මාධ්‍යවේදීන් පුහුණු කරන උපදේශකවරයෙක් ලෙසද කලංසූරිය මහතා කටයුතු කරයි