නව පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය මේ වන විට ප්රජාතන්ත්රවාදයට ත්‍රස්තවාදය එක් කරමින් තිබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
නව ක්‍රමයට අනුව බහුතර බලය ලබාගත් කණ්ඩායම පරාජය කිරීමට සුළුතර බලයක් හිමි කණ්ඩායම් කිහිපයකට එකතු වී වැඩි බලයක් පෙන්වීමට හැකියාව ලැබී තිබෙන බවද අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මේ නිසා නව ක්‍රමය සංශෝධනය කිරීමට ජනතාව පෙරමුණ ගත යුතු බවත්, නව ක්‍රමය ඇති කිරීමේ පනතට තමන්ද ඡන්දය ලබාදුන් බවත් ඔහු පවසා සිටියේය.