නව පළාත් පාලන ආයතන සංස්ථාපනය සහ පවතින පළාත් පාලන ආයතන, නගර සහා හා මහ නගර සභා ලෙස උසස් කිරීමට ජාතික නිර්ණායක පද්ධතියත් සකස් කිරීමට, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා පළාත් සහ පළාත් පාලන අමත්‍ය, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තෆා මහතා විසින් 12 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් කළ අතර එහි සභාපති වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ චන්දත ජයසුන්දර මහතායි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සහ පවත්නා පළාත්, පාලන ආයතන වල තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජාතික නිර්ණායත පද්ධිතියක් නොමැත. එම නිසා මෙරට නාගරික ලක්ෂණ විද්‍යාමාන වන, සාපෙක්ෂ දක්නට ලැබේ. එසේම ප්රමුඛ ග්‍රාමීය ස්වරූපයේ ප්‍ර‘දේශ පවා නාගරික පළාත් පාලන ආයතන තුළට ඇතුළත් බව දක්නට ලැබේ. එම නිසා මෙම තත්ත්වය මගහැවීම පිණිස යථාරූපී,වර්ධිත ප්‍රදේශ නාගරික හා අර්ධ නාගරික ප්‍ර‘දේශ ලෙස නිශ්චිතව හඳුනාගැනීම සඳහා පිළිගත හැකි ජාතික නර්ණායක පද්ධතියක් ගොඩනැගීම අදාළ කමිටුවේ කාර්යය වනු ඇති.
මාස තුනක් තුළ සිය කටයුතු අවසන් කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත මෙම කමිටුව, වෘත්තිකයන්ගෙන්, සිවිල් සංවිධාන වලින් සහ මහජනතාවගෙන් අදහහස් සහ යෝජනා ලබාගැනීමට බලාපොරොත්තුවේ. එම අදහස් සහ යෝජනා 2016 අගෝස්තු මස 15 දිනට පෙර තැපෑලෙන්, ෆැක්ස් මඟින් හෝ විද්‍යුත් තැපෑලෙන් කමිටුව වෙත යොමුකළ හැකියි.
ලිපිනය - කමිටු ලේකම්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අංක 330, යූනියන් පෙදෙස, කොළඹ 02.
දුරකථනය - 0112302720
ෆැක්ස් - 0112337161
ඊමේල් - leagal@pclg.gov.lk