යුවන්ජන වනසුන්දර විජයතිලක (58) මහතා නව නීතිපති වශයෙන් පත්කොට තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ 28 වැනි නීතිපතිවෙයි.
විජයතිලක මහතා වැඩබලන නීතිපති වශයෙන්ද කටයුතු කර තිබේ.
1979 වසරේදී නීතිඥ සේවයකට එක්වූ ඔහු 1980 වසරේදී රජයේ අධිනීතිඥයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්විය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. ආර්. විජයතිලක මහතා ඔහුගේ පියාය. ඔහු කොළඹ ආනන්ද විදුහලේ ආදිසිසුවෙකි.