කාර්යාල සේවකයන්ගේ ඉල්ලීම මත බව පවසමින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙනස් කළ නව කාලසටහන හේතුවෙන් රජයේ මෙන්ම පෞද්ගලික කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.
කිසිඳු දුම්රියක් නියමිත වේලාවේදී කොළඹට හෝ මරදානට පැමිණෙන්නේ නැතැයිද ඔවුහු චෝදනා කරති. මූලික වශයෙන්ම ප්රධාන දුම්රිය මාර්ගයේ මෙම ගැටලු ඇතිව තිබේ.
සමහර දුම්රියන් විනාඩි 10-15 දුම්රිය ස්ථාන වල නවත්වාගෙන සිටියි. එහෙයින් බොහෝ සේවකයන්ට නියමිත වේලාවට කාර්යාල සඳහා පැමිණිමට නොහැකි වී තිබේ.
කාර්යාල දුම්රිය මීට පෙර නොනවත්වා ධාවනය කළ දුම්රිය ස්ථාන වලද දැන් එම දුම්රිය ධාවනය කරයි. දුම්රියට සමගාමීව බස් ධාවනය කරන බැවින් දුම්රිය කාලසටහන වෙනස්වීමට සමගාමීව බස් කාලසටහන වෙනස් නොවීමද ගැටලුවක් බව මගීහු පවසති.
නවදුම්රිය කාලසටහන සාර්ථකද?
නව දුම්රිය කාලසටහන සාර්ථකද? නැත්ද? යන්න පිළිබඳව ඔබගේ අදහසට ඉඩ ලබාදිමට අද වෙබ් අඩවිය කටයුතු කර තිබේ. ඒ සඳහා ඔබ ඒ වෙනුවෙන් වෙන් කර ඇති මත විමසුමට ඔබගේ මතය ප්රකාශ කරන්න.