නව ජනාධිපතිවරයකු පත්වීමෙන් අනතුරුව රට තුළ අරාජිකභාවයක් හෝ අවිනිශ්චිත වටපිටාවක් නිර්මාණය වීමේ ඉඩකඩක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිසේත්ම ලැබී නොමැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසීය.
ඒ හේතුවෙන් පාප් වහන්සේ පැමිණෙන කාලය තුළදී නව ජනාධිපතිවරයකු පත්වීමෙන් කිසිදු කලබලකාරී වටපිටාවක් ඇති නොවන බවද හෙතෙම 'අද' පුවත්පතට ප්‍රකාශ කළේය.
සරත් එන්. සිල්වා මහතා අවධාරණය කරන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරණයකින් කිසියම් පුද්ගලයකු ජයග්‍රහණය කරන්නේද, එම මෙහොතේ සිටම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් ඔහු රජය, විධායකය, ආණ්ඩුව, සන්නද්ධ සේනා හා කැබිනට් මණ්ඩලය යන ආයතන පහේ ප්‍රධානියා බවට පත් වේ.
නව ජනාධිපතිවරයා පත් වූ මොහොතේ සිටම එතෙක් ධුරය හොබවන ජනාධිපතිවරයාගේ බලතල සියල්ලම අහෝසි වන අතර, ඔහු ප්‍රධානියා වශයෙන් ක්‍රියාකරන රජයේ සියලු ආයතනවල බලතලද ඔහුට අහිමි වේ.
සරත් එන්. සිල්වා මහතා පවසන්නේ ධුරයේ සිටින ජනාධිපතිවරයාට යම් ධුර කාලයක් ඉතිරි වුවද එයද ඔහුට අහිමි වන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස් දෙපාර්තමේන්තුව වැනි රජයේ දෙපාර්තමේන්තු සියල්ලම නව ජනාධිපතිවරයාට සේවය කිරීමට බැඳී සිටින අතර, එහෙයින් නව ජනාධිපතිවරයා පත්වීම පාප් වහන්සේගේ පැමිණීමට හෝ වෙනත් කිසිදු විශේෂ කාරණයකට රට තුළ අරාජිකභාවයක් ඇති වීමට හේතුනොවන බව පවසන සරත් එන්. සිල්වා මහතා, ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවේ ඇති මෙම සුවිශේෂීභාවය ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා නොමැති බවද අවධාරණය කළේය.
ශිවන්ති ප්‍රනාන්දු