නව ජනමාධ්‍ය පනත තුළින් මාධ්‍ය‘වේදීන්ට හෝ මාධ්‍ය ආයතන හිමිකරුවන්ට කිසිදු අහිතකර බලපෑමක් එල්ල නොවන බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉඩම් හා පාර්ලිමේන්තු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙය සකස් කරන ලැබූවේ තමන් ජනමාධ්‍ය අමාත්‍යධුරය දරන කාලයේදී බවත්, මේ තුළින් සිදුවන්නේ ජනමාධ්‍යවේදීන් හා ආයතන ප්‍රමිතිගත වීම පමණක් බවත් හෙතෙම පවසා සිටියේය.
අදාළ කටයුතු පවා සිදුවන්නේ සියලුම දෙනාගේ කැමැත්ත මත බවත්, මේ හරහා නීති සැකසීමක් හෝ ක්‍රියාත්මක වීමක් සිදු නොවන බවත් ඒ මහතා පැවසීය.
මෙම පනත හරහා ජනමාධ්‍ය‘වේදීන්ට, ආයතනවලට අකටයුතු කමක් සිදුවූ විට එය පැමිණිලි කිරීමට කොමිෂමක් සකස් වන බවද හෙතෙම සඳහන් කළේය.