නව ජනපති ලේකම් ලෙස ඔස්ටින් ප්රනාන්දු මහතා හෙට (04දා) වැඩබාර ගැනීමට නියමිතය. හිටපු ජනපති ලේකම් පි.බී. අබේකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ ජනපති ලේකම් තනතුරට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්රනාන්දු මහතා පත්විය. නව ජනපති ලේකම් පත්වීමෙන් පසුව ඔහුගේ පළමු කාර්යයන් ලෙස නව යුද හමුදාපත් පත්කිරීමත්, නව ආරක්ෂක ලේකම් පත්කිරීමත් සිදුවෙනු ඇත.