ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වූ එයාර් මාර්ෂල් ගඟන් පුලස්ති බුලත්සිංහල මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද (16දා) පෙරවරුවේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ඊට ගුවන් හමුදාවේ ඉහළම නිලධාරීන් එක්ව සිටි අතර, විශේෂ ආචාර පෙළපාළියක්ද එම අවස්ථාවේදී පැවැත්විණි.
ආචාර පෙළපාළිය නිරීක්ෂණය කිරීමට නව ගුවන් හමුදාපතිවරයා පිවිසෙනවාත් සමගම වර්ෂාවක් පතිත විය. එහෙත් ගඟන් බුලත්සිංහල මහතා වැසි මධ්‍යයේ සාමාන්‍ය පරිදි නිරීක්ෂණ කටයුතු සිදුකර තමාගේ කතාව ආරම්භ කළේය.
එම අවස්ථාවේදී වර්ෂාව පහව ගිය අතර, ඒ මහතා කියා සිටියේ ගුවන් හමුදා සාමාජිකයන්ගේ ඉංග්‍රීසි දැනුම සහ වෘත්තීය නිපුණත්වය තවත් වර්ධනය කිරීම අවශ්‍ය බවයි.
එසේම ජාත්‍යන්තර සහන සේවා කටයුතුවලට සහ මෙරට සංවර්ධන කටයුතුවලට ගුවන් හමුදාවේ සහාය ලබාදෙන බවද ඔහු කීය.
මෙම අවස්ථාවට ගඟන් බුලත්සිංහල මහතාගේ බිරිඳ, පුතා සහ දියණියද එක්ව සිටියහ.
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
වරාය හා සිවිල් ගුවන්සේවා විෂය බිමල්ගෙන් ගැලවෙයි, නාගරික සංවර්ධන එක්වෙයි
ආණ්ඩුව පළමු කැබිනට් සංශෝධනය කරයි
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හඳුනාගත් බවට රවී සෙනවිරත්න තහවුරු කරයි
මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා
ප්රජාතන්ත්රවාදී නිදහස රැකගන්න නීතිඥයන් දාහක් කොළඹට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd