www.ada.lk
2026 අගෝස්තු මස 04 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වූ එයාර් මාර්ෂල් ගඟන් පුලස්ති බුලත්සිංහල මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද (16දා) පෙරවරුවේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ඊට ගුවන් හමුදාවේ ඉහළම නිලධාරීන් එක්ව සිටි අතර, විශේෂ ආචාර පෙළපාළියක්ද එම අවස්ථාවේදී පැවැත්විණි.
ආචාර පෙළපාළිය නිරීක්ෂණය කිරීමට නව ගුවන් හමුදාපතිවරයා පිවිසෙනවාත් සමගම වර්ෂාවක් පතිත විය. එහෙත් ගඟන් බුලත්සිංහල මහතා වැසි මධ්‍යයේ සාමාන්‍ය පරිදි නිරීක්ෂණ කටයුතු සිදුකර තමාගේ කතාව ආරම්භ කළේය.
එම අවස්ථාවේදී වර්ෂාව පහව ගිය අතර, ඒ මහතා කියා සිටියේ ගුවන් හමුදා සාමාජිකයන්ගේ ඉංග්‍රීසි දැනුම සහ වෘත්තීය නිපුණත්වය තවත් වර්ධනය කිරීම අවශ්‍ය බවයි.
එසේම ජාත්‍යන්තර සහන සේවා කටයුතුවලට සහ මෙරට සංවර්ධන කටයුතුවලට ගුවන් හමුදාවේ සහාය ලබාදෙන බවද ඔහු කීය.
මෙම අවස්ථාවට ගඟන් බුලත්සිංහල මහතාගේ බිරිඳ, පුතා සහ දියණියද එක්ව සිටියහ.
popular news
ත්‍රිකුණාමලය තෙල් ටැංකි දෙකක් නවීකරණය කර අවසන්
ලොව විශාලතම උඩවැඩියා ශාඛයක් පේරාදෙණියේ පිපෙයි
නව මෙට්‍රෝ බස් සැප්තැම්බරයේ සිට කොළඹ ධාවනයට, රියදුරන් සොයයි
පුජිත් හා හේමසිරි බන්ධනාගාරයට රැගෙන යයි
රජයේ සේවය කළ 750000ක් විශ්‍රාම වැටුප් ගනියි
සංචිතය ඩො.බි. 6.5ක් දක්වා පහතට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd