නව කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ. විමලවීර
කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජෙනරාල් තනතුරේ කටයුතු කළ චාන්දනී අමරතුංග මහත්මිය විශ්‍රාම යාම හේතුවෙන් හිස්වූ එම තනතුරට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ විදේශ සබඳතා අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස මෙතෙක් සේවය කරමින් සිටි ඒ. විමලවීර මහතා පත්කර ඇති අතර, ඒ අනුව ඒ මහතා එම ධුරයෙහි වැඩ බාරගැනීම අද (09) පෙරවරුවේ නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවේදී සිදුවිය.
කම්කරු අමාත්‍යාංශයේත් එම අමාත්‍යංශයට අයත් අනෙකුත් ආයතන රැසකත් වසර ගණනක් සේවය කර ඇති විමලවීර මහතා, ජාත්‍යන්තර කම්කරු අණපනත් පිළිබඳ විශේෂඥයෙකි.
මිනිපේ - කොලොන්යාය කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ තෙල්දෙණිය - දුන්හින්න මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද විමලවීර මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිධරයෙකි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර විස්සක පළපුරුද්දක් ඇති ඒමහතා, ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇත්තේ 1998 වසරේදීය.
කම්කරු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් අබේවර්ධන මහතා ඇතුළු නිලධාරීහූ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

