හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව අද (22දා) සිට නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ මහතාව පත්කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු අධ්යක්ෂ ජනරාල්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් විසින් අද්මිරාල් නිලයට උසස් කෙරුණු විජේගුණරත්න මහතා වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී.
අනතුරුව චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධුරයේ රාජකාරීන් වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වෙත බාරදුන් අද්මිරාල් විජේගුණරත්න මහතා, අනතුරුව බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පිහිටා තිබෙන මාණ්ඩලික ආරක්ෂක කාර්යාලයට ගමන් කළේය.