නව අලි රැඳවුම් මධ්යස්ථානයක්සහ පැරණි අලි සංස්කෘතිය විදහා දක්වන කෞතුකාගාරයක් මාකඳුර නගරයෙහි ආරම්භ කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඉදිරි පෙරහර මංගල්‍යයන් සඳහා අලින් 35 දෙනෙකු ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බැවින්, මෙම අලින් 35 දෙනා පුහුණු කිරීමට සහ විදේශිකයන් සඳහා නැරඹීමට මෙම ස්ථානය භාවිත කිරීමටද පියවර ගෙන ඇත.
රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකරන ඉඩම මාඔය ආසන්නයේ පිහිටා ඇති අතර, එය අලින් පුහුණු කිරීමට කදිම ස්ථානයක් බව අලි හිමියන්ගේ සංගමයේ නිලධාරීන්ද ප්‍රකාශකළේ යැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
මාකඳුරේ පිහිටි මෙම ස්ථානයඅලි බෝ කිරීමේ මධ්‍යස්ථානයක්, අලින්ට ප්‍රතිකාර කිරීමේ රෝහලක්, පැරණි අලි ශාස්ත්‍රය ඉගැන්වීමට පාසලක්, කෞතුගාරයක් සහ සංචාරකයන්ට නැරඹීමට බොහෝ දේ ඇති සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට පියවර ගෙන ඇතැයිද එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශකළේය.
මෙම සංචාරක මධ්‍යස්ථානය නව සංකල්පයක් යටතේ නිර්මාණය කරන බවද, කොළඹ සිට විදේශිකයන්ට මෙන්ම දේශීය සංචාරකයන්ටද විනාඩි 45 ක පමණ කාලයක දී ළඟාවිය හැකි බැවින්, එම ස්ථානය විශාල ලෙස ආදායම් ලැබිය හැකි මධ්‍යස්ථානයක් ලෙසට පත්කරගත හැකි බවදගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා පවසා ඇත.
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව මෙය ඉදිකරන බව එම අමාත්‍යාංශය පැවසීය.